හැටන්-කොලඹ ප්‍රධාන මාර්ගයේ බර වාහන ධාවනය අත්හිටුවයි

Share

හැටන්  කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල පොලීසිය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් ගිලා බැසිම නිසා එම මාර්ගයේ ටොන් 5 ට වඩා බර ලොරි රථවලට එම මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව අත්හිටවු බව වටවල පොලීසිය පවසයි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල පොලිසිය ආසන්නයේ ප්‍රධාන මාර්ගය හරහා ජලය ගලා බසින බොක්කුවක් ඊයේ (08) පස්වරු 5 ට පමණ ගිලා බැස ඇත.

මාර්ගයේ කොටසක් ගිලා බැසිම නිසා එම මාර්ගයේ මගි ප්‍රවාහන බස් රථවලට සහ අනෙකුත් සැහැල්ලු වාහනවලට එක් මංතිරුවක් ඔස්සේ රථවාහන ගමනා ගමනයට මාර්ගය විවෘත කර ඇති අතර , එම ස්ථානයේ රථ වාහන පාලනයට වටවල පොලිසියේ නිලධාරින් රාජකාරියේ යොදවා ඇත.

අඩි  50 පමණ වපසරියකින් යුත් කොටසක් ගිලා බැස ඇති අතර මිට ප්‍රථමද එම ස්ථානයේ ගිලා බැසිමකට ලක් වු බව වටවල පොලීසිය පැවසුවේය.

ගිලා බැසි ස්ථානයෙන් ටොන් පහට වඩා වු ලොරි රථ ධාවනය තාවකාලිකව නතර කර ඇති නිසා මාර්ගය යථා තත්ත්වයට පත් වන තෙක් ගිලා බැසි මාර්ගය ස්ථානයට ඉහලින් ටොන් 5 වඩා බර ලොරි රථ ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර ඇත.

ගිලා බැසි මාර්ගය ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නොර්වුඩ් මහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා පැවසිය.

Read more

Local News