Home දේශීය පුවත් දුම්රිය වර්ජනය නිසා දෙපාර්තමේන්තුවට මිලියන 1920ක ආදායමක් අහිමි වෙයි

දුම්රිය වර්ජනය නිසා දෙපාර්තමේන්තුවට මිලියන 1920ක ආදායමක් අහිමි වෙයි

0
දුම්රිය වර්ජනය නිසා දෙපාර්තමේන්තුවට මිලියන 1920ක ආදායමක් අහිමි වෙයි

දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 1920ක ආදායමක් අහිමි වී තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බව ය.

දින 12ක් පුරා පැවැති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගින් සිදු වන භාණ්ඩ ප්‍රවාහනය හා ඉන්ධන ප්‍රවාහනයට ද බාධා මතු වූ බව ඔහු කියා සිටියේ ය.

මේ අතර වැඩ වර්ජනය අවසන් කළ ඊයේ දිනයේ සේවකයින් සේවයට වාර්තා කළ ද දුම්රිය කිහිපයක් ධාවනය වී නොමැත.

ඇතැම් දුම්රිය ප්‍රමාද වී ධාවනය වූ බවට ද මගීහු චෝදනා කළහ.

මේ අතර මුදල් ගෙවා වෙන් කරන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු යළි ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම පියවර ගන්නා බව ය.

ඒ අනුව අදාළ ප්‍රවේශ පත්‍ර දුම්රිය ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් එම මුදල් යළි ලබා ගත හැකි බව ද ඔහු පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here