සරසවි අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට අදට දින 30යි

Share

විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති සාමාජිකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක එවැනි වැඩ වර්ජන කිරීමෙන් මැතිවරණ කටයුතුවලට බාධාවක් වන බැවින් ඒ පිළිබඳව දැනුම් දුන් බව ය.

ඒ අනුව මැතිවරණ නීතියට අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙන බව ද ඔහු පැවසුවේ ය.

ලේකම්වරයා සඳහන් කළේ, වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති සාමාජිකයින් සමග පසුගියදා පැවැත්වූ සාකච්ඡාවේදී ඔවුන්ගේ වැටුප් විෂමතා ගැටුලු විසඳීමට අදාළව නව යෝජනාවක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා එකඟ වූ බව ය.

මේ අතර වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 30කි.

Read more

Local News