ශ්‍රීලනිපයේ සහාය ගෝඨාට

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එලඹෙන ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එජාපයට උදව් කිරීම, ගෝඨාභයට සහය දැක්වීම හෝ නිහඬව සිටිම යන තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැනීමට තිබු බවත් කෙසේ නමුත් පාක්ෂිකයින්ගේ අනන්‍යතාවය විකුණා දමා කටයුතු කළ නොහැකි බැවින් ජනතාවගේ පාර්ශවයෙන් සිතා ජනතා හිතවාදී තීන්දුවක් ගැනීමට කටයුතු කර යුතුව තිබු බවත් එහිදී අදහස් දැක්වු නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් අවසනයේ දී ගෝඨාභය මහතාට සහය දැක්වීමට පක්ෂය එකඟතාවය පල කළ බව ඒ මහතා පැවසීය

Read more

Local News