අවු: 15ක පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල ගුරුවරියක් අත්අඩංගුවට

Share

මොනරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල පොලිසිය විසින් මෙම ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ දරුවා ද මෙම අපයෝජනය සිදු වූ බව කියන දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන බව වාර්තා වෙයි.

අපයෝජනයට ලක් වු දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සඳහා නිවසට පැමිණෙන ලෙසත් අදාල ගුරුවරිය දැනුම් දී තිබේ.

පසුව එම සිසුවා ගුරුවරියගේ නිවස වෙත ගොස් ඇත.

එහිදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර එම අවස්ථාවෙදී ගුරුවරිය තමන්ව ලිංගික අපයෝජනයකට ලක් කල අදාල සිසුවා පොලීසියට පවසා තිබේ.

පසුව මෙම සිද්ධිය ට සම්බන්ධ පාසල් ගුරුවරිය මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොනරාගල පොලීසිය සිදු කරයි.

Read more

Local News