අම්පාර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමරුදු ගම්මානයේදි ගජමුතු තුනක් සමඟ සැකකරැවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට කල්මුනේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත් වී තිබේ.
සයින්දමර්දු පාසැලක් ඉදිරිපිට සැකකටයතු පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවට පොලිස් බුද්ධි අංශ නිළධාරින් ගෙන් ලැබුන තොරතුරක් මත පොලිස් නිළධාරින් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මෙම ගජමුතු හමු වී ඇත.
සැකකරැවන් සමඟ ඔවුන් ගමන් කල යතුරැ පැදියද පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට සැකකරැවන් දෙදෙනා අද (09) කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව මෙම මස 24 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කල්මුනේ මහේස්ත්‍රාත් අයි.එල්.රිස්වාන් මහතා නියෝග කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවුයේ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරැවන් දෙදෙනෙකු වන අලිප්තා තම්බි මොහොමඩ් හස්නි අවිරැදු නැමති 30 හැවිරිදි පුද්ගලයෙක් හා මීරා මුහඩීන් මොහමඩ් සලීම් නැමති 39 හැවිරිදි පුද්ගලයකි.
කල්මුනේ සහකාර පොලිස් අධිකාරි ලුෂන් සුරියබංඩාර මහතා ගේ උපදෙස් මත කල්මුනේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා ගේ මෙහයවිමෙන් උ.පො.ප අරැණන්,පො.සැ.63188 ඒ.එල්.එම් .රවුප් පො.කො.44403 නවාස් පොකො.6873 ක්‍රිෂාන්තන් පො.කො.73593 අමලදාස් යන නිලධාරින් විසින් මෙම සිදුවිම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.