ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා පවසයි.

ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා මේ බව සඳහන් කළේ අද(03) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය.

එම ඡන්ද මධ්‍යස්ථාන 47 වෙනුවෙන් ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සියලු දෙනා තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ අදාළ ලිපි ලේඛන රැගෙන යාම ආරම්භ කර ඇති බව තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේය.

එමෙන්ම අදාළ ප්‍රදේශ සඳහා ඡන්ද පෙට්ටි සහ අදාළ ලිපි ලේඛන රැගෙන යාමේ කටයුතු තව සුළු මොහොතකින් අවසන් කිරීමට නියමිත බව ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය.

මේ අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ආරක්ෂක නිලධාරීන් හතර දෙනෙකු යොදවා ඇති බවත්  අමතරව පොලිස් නිලධාරීන් 800ක් විශේෂ රාජකාරිවල යොදවා ඇති බවත් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේය.

ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට කිසිදු ආකාරයක මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවක් හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වාර්තා වී නොමැති බවයි.

Read more

Local News