සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ජේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් ඇතුළු පිරිසක් නම් කර ඇත.
ජේෂ්ඨ මහාචාර්යවරයා කියා සිටින්නේ පසුගිය මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමාව ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් ලිපියක් නිකුත් කර ඇති බවයි.
කිසිදු සාධාරණ හේතුවක් හෝ පරීක්ෂණයක් නොමැතිව තමන්ව ධුරයෙන් ඉවත් කිරීම නීති විරෝධී බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කර සිටියි.
එමෙන්ම මැතිවරණ සමයේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම් සහ මාරු කිරීම් සිදු නොකරන ලෙස දන්වා මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී තමන්ව මේ ආකාරයෙන් සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධී බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පෙන්වා දෙයි.
එබැවින් තමාව තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් තමන්ව ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් ඉල්ලා ඇත.