ඇල්පිටියේ සියලු කොට්ඨාසවල ජය පොහොට්ටුවට

Share

නිල ප්‍රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17ම ජයගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

එම පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව විසිතුන් දහස් තුන්සිය හැත්ත දෙකයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් සභික ධුර සංඛ්‍යාව 17ක්.

එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දහ දහස් එකසිය දහතුනක්.

ඒ අනුව එම පක්ෂයට හිමිවන සභික ධුර සංඛ්‍යාව 07ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද පන්දහස් දෙසීය හැත්ත තුනක් හිමිකරගෙන තිබේ.

එම පක්ෂය ලබාගත් සභික ධුර සංඛ්‍යාව 03ක්.

ජනතා විමුක්ති පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය  සභා ඡන්දයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව දෙදහස් හාරසිය තිස් පහක්.

ඔවුන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ ලබාගත් සභික ධුර සංඛ්‍යාව 02ක්.

මේ අතර ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 75ක් බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද(11) පෙරවරු 7 ට මධ්‍යස්ථාන 47කදී ආරම්භ කෙරුණි.

ඒ සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරක්.

මෙම ඡන්දයට පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන්ගෙන් තෝරාගනු ලබන සභිකයින් සංඛ්‍යාව 28ක්.

මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව කිසිදු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙහිදී වාර්තා නොවීම විශේෂත්වයක්.

Read more

Local News