ප්‍රබල අකුණු හා තද වැසි ගැන කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

Share

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75-100 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

වැස්ස සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි කාලීන තද සුළං ඇති විය හැකි බවද කාලගුණ අංශ නිවේදනය කරයි.

Read more

Local News