රණවිරු ගාය අවසන්ද ?

Share

නිසි ප්‍රතිපත්තීන් නොමැති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම තුළ එක්සත් ජාතික පක්ෂයේ විනාශය සිදුවෙමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

සියලු දේ පැරදුනාම එකක් පැරදුනාම ඒක දැනෙන්නේ නැති බවද පැවසු නාමල් රාජපක්ෂ මහතා, ඇල්පිටියේ ඡන්දයේ දී පොහොට්ටුව හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලබා ගත් ප්‍රතිශතය සොයන්නේ නැතුව තමන් ගත් ප්‍රතිශතය එක්සත් ජාතික පක්ෂය සොයා බැලිය යුතු බවද පැවසීය.

වෙනසක් කරන්න කියලා අලුත් අපේක්ෂකයෙක් ගෙනල්ලා අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ප්‍රතිශතය හෝ ලබා ගැනීමට නොහැකි වු බවත් සඳහන් කර සිටි නාමල් රාජපක්ෂ මහතා, ජනතාව බලාපොරොත්තු වන්නේ ප්‍රතිපත්ති බවද කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂධයට සම්බන්ධ සිවිල් සංවිධාන පසුගිය දිනවල ස්වාධීන අය බවට පැවසු නමුත් අද වන විට එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේ සිට ගෙන රණවිරු ගායක් ගැන කථා කරන බව ද පැවසු මන්ත්‍රිවරයා, සජිත් ප්‍රේමදාස මහතාගේ පියා ඝාතනයට ලක් වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් බවත්, රණවිරුවා විසින් එම ත්‍රස්තවාදීන් විනාශ කර දැමුවත් අද දවසේ රණවිරු ගාය අවසන් කරන බව පවසන විට ඔහු අත්පොළසන් ගසන බවත් සඳහන් කළේය.

Read more

Local News