රනිල් අගමැති කරන්න සජිත් ගිවිසුමකින් බැඳිලා ?

Share

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුරයට පත්වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ බවට වන ගිවිසුමකට ඔහු බැඳි ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

ඊයේ(14) අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගතවූ වසර 5 තුළ රටේ ඒකපුද්ගල ආදායම පහල ගිය  බවත් රටේ රැකියා නොමැති දරුවන් ගණන සහ රටේ දුප්පත්කම ඉහළ ගිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම ත්‍රිස්තවාදී හොල්මන් යළි නැගිටින්ට පටන් ගත් බවත් රට එකතැන පල් වෙන ගදගහන කුණුවෙන රටක් බවට පත් කළ රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් අග්‍රාමත්‍යවරයෙක් ලෙස ඉදිරි ආණ්ඩුවකදීත් පැමිණිය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News