රට තුළ සුරක්ෂිත වාතාවරණයක් ගොඩනගන බව ගෝඨා කියයි

Share

ජනතාවට රට තුළ ඕනෑම ස්ථානයකට යා හැකි වාතාවරණයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගල්ගමුවේ පැවති ජන රැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැලියක් ගල්ගමුවේදී ඊයේ (14)  පස්වරුවේ පැවැත් විය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවූයේ උණුසුම් ජනතා ප්‍රතිචාරයක්.

මෙම  අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්වූ අතර විපක්ෂ නායකවරයාටද උණුසුම් පිළිගැනීමක් ජනතාවගෙන් හිමිවිය.

Read more

Local News