පොලීතීන් වලින් තොර මැතිවරණයක් සඳහා ජනතා පෙත්සමක්

Share

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලීතින් භාවිතා කරමින් පරිසරය විනාශ නොකිරිමට හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම මැතිවරණයක් පැවැත්විම සදහා ජනතා පෙත්සමක් අත්සන් කිරිම අද (15) දින මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී සිදු කෙරුණි.

මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් මෙහෙය වුණු ලැබු එම වැඩසටහන සඳහා ජනාධිපති  අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් හිටපු අමාත්‍ය රෝහණ  දිසානයක මහතා, මාතලේ ප්‍රාදේශිය  සභා  සභාපති කපිල බණ්ඩාර හේන්දෙණීය මහතා, අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ  පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නායක ගමගෙදර දිසානායක මහතා ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරිසරය හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඉදිරි මැතිවරණය සාමකාමීව පැවැත්විමට රටට මාතලෙන් ආදර්ශයක් ලබාදිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර අත්සන් කරනු ලබන ජනතා පෙත්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදිමට නියමිත බව  මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මධුසංඛ බණ්ඩාර මහතා පැවසීය.

Read more

Local News