අන්තවාදයට විරුද්ධ සමස්ත මුස්ලිම් ජනතාව ගෝඨා සමගයි

Share

අන්තවාදයට විරුද්ධ සමස්ත මුස්ලිම් ජනතාව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද(15) කොළඹ අධිකණ සංකීරණයේදී මාධ්‍ය වෙත අදහස් අක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාය මුස්ලිම් ජනතාවගේ සහයෝගය පිළිබඳ වැඩිය නොසිතිය යුතු බව පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතාමත් විශ්වාස වන්ත පුද්ගලයා වන්නේ මුස්ලිම් ජාතික ජනාධිපති නීතිඥවරයෙක් බවයි.

Read more

Local News