මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවඉහළමට්ටමක පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන්ම සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර සහ දකුණු පළාත්වලඋදෑසන කාලයේදීද වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුරදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක තද වර්ෂාපතනයන්ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News