Tuesday, March 19, 2024.

T10 ලීග් ක්‍රිකට් තරගාවලියට ‍ලංකාවෙන් 7ක්

Share

මේ වසරේ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 7 දෙනෙකු තෝරා ගෙන තිබේ.

තරගාවලිය නොවැම්බර් මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තුන්වන වරටත් සංවිධානය කරන ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිතයි.

එම කණ්ඩායම් අතරින් මරාතා ඇබියන්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග, දසුන් ශානක සහ වනිදු හසරංග තෝරා ගෙන තිබේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ල අබුඩාබි කණ්ඩායමටත් බෙංගාල් ටයිගර්ස් පිලට තිසර පෙරේරාත් ක්‍රීඩා කරන අතර පාකිස්තාන සංචාරයේදී කැපී පෙනෙ දක්ෂතා දැක් වු භානුක රාජපක්ෂ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමටත් තෝරා ගෙන තිබේ.

දිල්ලි බුල්ස් කණ්ඩායමට ප්‍රහාරත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී නොවැම්බර් මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

Read more

Local News