දිවුලපිටියේදි හෙරොයින් තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට

Share

හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් දිවුලපිටියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අද(18) උදෑසන 9.30 ට පමණ දිවුලපිටිය පොලිස් වසමේ උල්ඇලපල, මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක මෙම හෙරොයින් ජාවාරම සිදු කරන බවට තොරතුරු හෙළිවී තිබේ.

ඒ අනුව දිවුලපිටිය පොලීසිය එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී පොලීසිය විසින් සිදුකරන ලද සෝදිසි කිරීම්වලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News