කාබන් බද්ද අහෝසි කරයිද ?

Share

මෝටර් රථ සඳහා පනවා ඇති කාබන් බද්ද අහෝසි කිරීම සඳහා වන යෝජනාව ලබන 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කාබන් බද්ද පැනවීමෙන් අනතුරුව මෙතකේ එම බදද ගෙවා ඇති මෝටර් රථ හිමියන්ට එම මුදල් ආපසු ගෙවීමක් සිදුනොවන බවත් අමාත්‍යවරයා පැවැසීය.

මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන මේ වසරේ ජනවාරි මාසයේ පටන් මෙම බද්ද අය කෙරිණි.

ඒ අනුව අවුරුදු 5ට අඩු, අවුරුදු 5-10ත් අතර අවුරුදු 10 වැඩි යනුවෙන් කාණ්ඩ තුනක් හා ඩිසල්/පෙට්‍රල් යන වර්ගීකරණය අනුව මෙම බදු පැනවීය.

Read more

Local News