ගෝඨාගේ අපේක්ෂාව මෙන්න

Share

බුද්ධිය හා හැකියාවන් මුල්කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම තම අපේක්ෂාව බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගම්පහ කටාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සභාගි වු ජන රැළියක් ඊයේ (19) පස්වරුවේ කටාන ප්‍රදේශයේ දි පැවැත් වුණි.

වර්තමානයේ ලෝකයේ ආර්ථික කෙන්ද්‍රස්තානය ආසියාවට ලැමිනේන බවත් එය මෙරටට කදිම අවස්තාවක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

සෑම අවස්ථාවකම මිනිස් ශ්‍රමය කෙරෙහි විශ්වාසය තැබු පිරිසක්බැවින් ඒ හරහා රටේ තරුන තරුනියන්ට හොඳ වෙතනයක් ලබා දීමට කටයුතු කළ හැකි බවද ඒ මහතා පැහැදි කළේය.

සෑම කෙනෙකුටම උසස් අධ්‍යාපනය ලැබීමට කටයුතු කරන බවත් අධ්‍යාපනය කෙරෙහි විශාල මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සශ්‍රීකමත් සෞභ්‍යමත් රටක් බවට පත් කිරිමට තමන් දුන් පොරොන්දු එලෙසම ඉටු කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News