මේ මගේ ශක්තිමත්ම කාලයයි – සජිත්

Share

තමන් විවිධ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් කරන කොන්දේසි වලට යටත්ව තමන් කටයුතු කරාවිද යන්න ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් අද ප්‍රකාශ නිකුත් කරන බවත්, තමන් කිසිවෙකුගේ කොන්දේසි වලට යටත් වෙන පුද්ගලයෙක් නොවන නමුත් තමන් යටත් වෙන එකම තැන පොදු ජන මතයට පමණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ නුවර දිස්ත්‍රික්කයේ,උඩු නුවර, ගෙලිඔය නගරයේ පැවැති ජන රැළියට අද (20) එක්වෙමිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මහනුවර දිස්ත්‍රික්සංවිධායක, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න, ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී බන්දුල ගැමුණු බණ්ඩාර, වෙලමිවැව ප්‍රාදේශීයසභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක අස්කිම්, වලගෙදර ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ අපේක්ෂක නිස්සංක හීන්කෙන්ද යන මහත්වරු ඇතුළ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාසමහතාට සහයෝගය පළ කරමින් මෙම ජන හමුවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“මම කුමන හෝ කොන්දේසි වලට යටත් වූවා නම් මීට ඉස්සර අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකියාව තිබුණා.

මට අපේක්ෂකත්වය ලැබුණේ කිසිම කොන්දේසියකට යටත් වෙලා නොවේ. මේ රටේ ජනතාවගේ ජන වරමෙන් මම ජනතාවට සේවය කරන්නේ.

පොදු ජනතාවගේ මතයට හැර කිසිම පරදේශක්කාරී, අධිරාජ්‍යවාදී සතුරු බලවේගයකට ප්‍රේමදාසගේ පුතා යටත් වන්නේ නැහැ.

ජනතාව මට ශක්තිය ලබා දෙන විට මේරට ඉතිහාසයේ නොමිලේ රටට සේවය කරන ජනාධිපති බවට මම පත්වෙනවා.

ජනාධිපති ලෙස තමන්ට හිමිවන සෑම සතයක්ම රටේ දියුණුව වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මම ඇමතිවරයකු ලෙස වසර 5කට ආසන්න කාලයක් කටයුතු කරන කාලයේ එය ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා.

ඇමතිවරයෙකු ලෙස මටහිමි වන සියලුම දීමනා පරිත්‍යාග කළේ මේ රටේ දුප්පත් ජනතාවට නිවාස ඉදිකිරීම සඳහයි.

විරැකියාව උද්ධමනය අඩු කර මනා ආර්ථික කළමනාකාරිත්වයක් තුළින් ශක්තිමත් අර්ථිකයක් නිර්මාණය කර මාතෘ භූමිය ගොඩනගනවා.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සමාජ ආර්ථික දේශපාලන විප්ලවය මේ සජිත් ප්‍රේමදාස ආරම්භ කරනවා.

මේ මගේ ශක්තිමත්ම කාලයයි. මටත් කාලයක් එනවා හරියටහිතන්න බැරි, ප්‍රශ්නයක් අහනකොට පිළිතුරු දීමට නොහැකිව වටපිට බලන.

සමහරුන් දේශපාලනයට ආවට පසුව නැවත යන්නේ නැතිව බූවල්ලෝ වගේ අල්ලාගෙන සිටිනවා. මම එසේ කටයුතුකරන්න සූදා නම් නැහැ. මගේ දේශපාලන ගමන තීන්දු කරන්නේ පොදු ජනතාවයි”

Read more

Local News