විමල් සහ ගම්මපිල ජාති, ආගම්වාදය අවුස්සනවා

Share

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරේ කථිකයන් කිහිප දෙනෙකු වේදිකාවේ අන්තවාදය වපුරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමිර පෙරේරා මහතා පවසයි.

චමිර පෙරේරා මහතා මේ බව පැවසුවේ අද (21) හැටන් නගරයේ පැවති මාධ්‍යය හමුවේදිය.

මෙම මාධ්‍යය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ සිටින කථිකයන් වන විමල් විරවංශ, උදය ගම්මපිලම යන මන්ත්‍රීවරුන් මේ රටේ ජාති වාදය, ආගම්වාදය අවුස්සන ආකාරයට කටයුතු කරන බවයි.

ජන්දයක් වෙනුවෙන් මේ ජනතාව අතර ගැටළු ඇති කිරිම , බේද ඇති කිරිම , බරපතල ප්‍රශ්නයක් බවද ඔහු පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු චමිර පෙර්රා මහතා,

“විමල් විරවංශ ගෝඨාභය රාජපක්ෂ කදවුරේ  ජාති වාදය , ආගම් වාදය , අන්තවාදය අවුලන ප්‍රධානතම පුද්ගලයා වෙමින් පහුගිය දවසක යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර ගනිමින් ගුවන් තොටුපල ගැන ලියලා තියෙන පුවරුව මුලින්ම දමිල භාෂාවෙන් ලියලා තියෙනවා කියලා බරපතල ලෙස ජාතිවදය අවුස්සන ආකාරයට කතා කරලා තිබ්බා.

මේක ගොබ්බ ජාති වාදයක් , මහින්ද රාජපක්ෂ වගේ අවුරුදු 40දේශපාලනය කරපු කෙනෙක්ට තේරෙන්න ඕනි මේ ගොබ්බ ජාති වාදින් මේ රටේ ජාති වාදය අවුස්සන ආකාරය , මේක එ අයගේ දේශපාලන ගමනටම බරපතල ප්‍රශ්නයක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්න වනම් විමල් විරවංශ උන්නැහේ සිංහල දෙමල භාෂා දෙකම මේ රටේ රාජ්‍යය භාෂාවන්, බහුතරයක් වාසය කරන ප්‍රදේශයක එ අයගේ සංස්කෘතියට , එ අයගේ භාෂාවට  ප්‍රමුඛතාවය දෙන්න ඕනි.

ඒක දමිල භාෂාවෙන් පල කිරිම ජාති වාදයක්ලු.යාපනයේ පොහොට්ටු කාර්යයාලය මුලින්ම ලියලා තියෙන්නෙත් දමිල භාෂාවෙන්, බහුතරය කතා කරන භාෂාව.

මේ පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ගමන් කරන දිශාව, එ අයගමන් කරන්නේ ජාති වාදයට , මේක තමයි පහුගිව මහින්ද රජපක්ෂ පාලන තන්ත්‍රයෙන් දැක්කේ.”

Read more

Local News