නයාරු විහාරයෙන් මානව හිමිකම් කොමිසමට පැම්ණිල්ලක්

Share

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ සී.සී.ටි.වී කැමරා පොලිසියෙන් ගැලවීමට නියෝග කිරීම හා නයාරු විහාරස්ථාන භූමියේ බොරළු කැපීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන් පැවසුවේ අද (21) උදැසන එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

පසුගියදා විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් සී.සී.ටි.වී කැමරා පද්ධතියක් සවි කිරීමට විහාරස්ථ දායක සභාව විසින් කටයුතු කළ අතර, එය නවතා දැමීමට මුලතිව් පොලිසිය නියෝග කළේය.

එලෙසම දෙමළ දේශපාලඥයින්ගේ මැදිහත්වීම මත විහාර භූමියේ බොරළු කැපීමට පසුගියදා ව්‍යාපාරිකයින් බලපත්‍ර නමයක් රැගෙන පැමිණි බවත් දායක සභාවේ දැනුවත් කිරීම මත පොලිසියේ මැදිහත්වීමෙන් අදාළ බොරළු කැපීම තාවකාලිකව නවතා දැමු බවද උන්වහන්සේ පැවසීය.

ඒ සම්බන්ධයෙන්ද මානවහිමිකම් කොමිෂන් සභාව කරුණු ඉදිරිපත් කළ බවද උන් වහන්සේ පැවසූහ.

නාහිමියන් වැඩිදුරටත් පැවසුවේ තම විහාරස්ථානයේ තාවකාලිකව රැක බලාගන්නා කැළුම් බංඩාර තරුණයාවෙත උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් තර්ජනය කිරීම සම්බන්ධයෙන්ද මේ දක්වා අවධානයක් යොමුවි නොමැති බවයි.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිළි ඉදිරිපත් කිරීමට විහාරස්ථ දායක සභාව හා නීතිඥ රෝහණ තල්පාවිල මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

Read more

Local News