Tuesday, March 19, 2024.

ඔස්ට්‍රේලියාවේ පුවත්පත්වල මුල්පිටු කලු වෙයි

Share

ඔස්ට්‍රේලියාවේ පුවත්පත්වල මුල්පිටුව කලු පැහයෙන් මුද්‍රණය කර තිබේ.

මාධ්‍ය සීමාවන්ට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ පුවත්පත්වල මුල්පිටුව කලු පැහයෙන් මුද්‍රණය කර තිබේ.

තොරතුරු දැන ගැනිමේ නිදහස සීමා කෙරෙන ජාතික ආරක්ෂක නීතිවලට විරෝධය පළකිරීමක් ලෙස  පුවත්පත් සමාගම් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

එම නීතිවලින්  නිදහස් වාර්තාකරණයට බාධා එල්ල වී ඇති බවටත්  “රහස්‍ය සංස්කෘතියක්” පවත්වාගෙන යාමට උත්සහ කරන බවටත් මාධ්‍යවේදීන් චෝදනා කරයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ රජය මාධ්‍ය නිදහසට සහාය දෙන නමුත්  නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැකි බවයි.

කෙසේ වෙතත්  රජය ගන්නා වැදගත් තීරණ පිළිබඳ නිසි ලෙස දැනුවත් විමට සෑම ඔස්ට්‍රේලියා ජාතිකයෙකුගේම මුලික අයිතිවාසිකමක් බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ තොරතුරු දැන ගැනිමේ නිදහසට ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙසද එරට මාධ්‍ය සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.

Read more

Local News