Tuesday, March 19, 2024.

බොලිවුඩ් සිනමා තරු සමග එක්වූ මෝදී

Share

බොලිවුඩ් ක්ෂේත්‍රයේ දැවැන්තයින් එක්වූ උත්සවයකට ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි ඇරයුම් ලබා තිබේ.

මහත්මා ගාන්ධිතුමාට උපහාර දැක්වීම වෙනුවෙන් එම උත්සවය සංවිධානය කර තිබුණි.

ඉන්දියානු නිදහස් අරගලයේ පුරෝගාමියකු මෙන් ම ඉන්දියානු ‘අවිහිංසාවාදයේ පියා’ වශයෙන් සැලකෙන මහත්මා ගාන්ධිතුමා වෙනුවෙන් මේ අනුස්මරණ උත්සවය සංවිධානය කර තිබුණේ නවදිල්ලි අගනුවරයි.

බොලිවුඩ් සිනමා තරු ඇතුළුව බොලිවුඩ් ක්ෂේත්‍රයේ දැවැන්තයින් එක්වූ එම උත්සවයට ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි ඇරයුම් ලබා තිබේ.

මහත්මා ගාන්ධි 150වන ජන්ම සංවත්සරය මේ වසරට යෙදී තිබුණි.

අග්‍රාමාත්‍ය මෝදි මෙම අවස්ථාවේදී මහත්මා ගාන්ධි තුමාගේ 150 වන ජන්ම සංවත්සරය සනිටුහන් කිරීමට සහ ඔහුට උපහාර දැක්වීමට මුලපිරිය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබු බව සඳහන්.

ෂාරුක් ඛාන් , අමීර් ඛාන් , ජැකලින් ෆර්ඩිනැන්ඩස් ,කන්ගනා රනවුත් , සෝනම් කපූර් , කපිල් ශර්මා ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් සහ රාජ්කුමාර් හිරානි , එක්තා කපූර්  වැනි චිත්‍රපට නිෂ්පාදකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read more

Local News