ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය මෙන්න

Share

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ජනතාවගේ දුප්පකම තුරන් කිරීම බව ජාතික ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද(22) මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂකවරයා මේ බව සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට බවයි.

එහෙත් මේ වන විට දේශපාලන වේදීකාවේ සිදුවී ඇත්තේ නත්තල් පපෙක් තෝර ගැනීමක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂකවරයා පැවසීය.

අනුර කුමාර දිසානායක කියා සිටියේ ඇතැමුන් දේශපාලවේදීකාවන්වල යෝජනා කරනු ලබන්නේ යාචක ආර්ථිකයක් බවත් ජාතික ජන බලවේග විසින් යෝජනා කරනු ලබන්නේ සංවර්ධන ආර්ථිකයක් බවත්ය.

Read more

Local News