ඉරුදින ප්‍රහාරයේ විශේෂ තේරීම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කිරීමට නියමිතයි.

විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරන බවයි.

අදාළ කාරණා සම්බන්ධයෙන් විධිමත්ව සොයා බැලීමට යම් කාලයක් ගත වු බැවින් එයට කාලයක් ගත වු බවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම මෙය භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එයට යම් කාලයක් ගත වු බවත් පැවසු ඒ මහතා, එහි සියලු කටයුතු මේ වන විට අවසන් බවත් කියා සිටියේය.

Read more

Local News