හකීම්ගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Share

තමන් හා සහරාන් අතර නොමති සම්බන්ධතා මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් කුමන්ත්‍රණය කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරන බවත් ජනතාව නොදන්නා බොහෝ දේ එහිදී හෙළි වනු ඇති බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා මල්වතු මහනායක ස්වාමින් වහන්සේ හමුවෙහි පැවසුවේය.

ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට  තීරණය කිරීමත් සමඟ සහරාන් සම්බන්ධව නොමැති සම්බන්ධකම් මතු කර පෙන්වන බව  මල්වතු මහ විහාරයට පැමිණ රවුෆ් හකීම් මහතා ඊයේ (22දා) පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක පැවසිය.

තමන් කිසිදු ලෙසකින් සහරාන් හෝ ඔහුගේ කණ්ඩායමේ පුද්ලගයින් සමඟ ආශ්‍රයක් නොතිබුණු බවත් 2015 මැතිවරණයෙන් පසු කාත්තන්කුඩියේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා තුවාල ලැබූවන් හා හානිවූ දේපොළ පිළිබඳ සොයා බැලීමට තමන් එහි ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප වලට වැරදි අර්ථ කතනයක් ලබා දෙමින් පිරිසක් දේශපාලන වාසි ගැනීම පිණිස තමන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු පැවැසීය.

Read more

Local News