ගුවන්විදුලි සංස්ථාවේ වැඩබලන සභාපති හෙරල් සේනාධීර

Share

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී හෙරල් සේනාධීර මහතා පත්කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් මත ආමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා අධ්‍යයන කටයුත්තක් සඳහා විදේශ ගතව ඇති බැවින් ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන හෙරල් සේනාධීර මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

Read more

Local News