සජිත්ගේ ප්‍රතිවාදි අපේක්ෂකයා අහිංසකයිද ?

Share

පසුගිය රජය සමයේදී ජනතාවට සහන ඉල්ලන විට ප්‍රතිවාදී අපේකයාගේ රජය වෙඩි පිට වෙඩි වරුෂා එල්ල කර රටේ ජනතාව, මාධ්‍යවේදීන් ඝාතනය කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයෝ වර්තමානයේ නැවත රටතුළ මිනිමරු යුගයක් ඇති කිරීම සඳහා ව්‍යාජ අහිංසකත්වයක් රටට පෙන්වමින් බැටළු හම පොරවාගෙන ජනතවට සහන ලබා දෙන බවට ප්‍රකාශ කර බලයට පැමිණිමට උත්සාහ කරන බව ද ඔහු පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන නගරයේ පැවති ජන හමුවට ඊයේ (22)  රාත්‍රියේ එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“ප්‍රතිවාදී අපේක්ෂකයා අද වේදිකාවක් වේදිකාවක් පාසා ගොස් ඔහු අහිංසක පුද්ගලයෙක් බව ඔහුගේ මුවින්ම ප්‍රකාශ කරමින් ව්‍යාජ අහිංසකත්වයක් ජනතාවට පෙන්වනවා.

ජනතාවට සහන ලබා දෙන බවට පොරොන්දු ලබා දෙමන් සිටිනවා. නමුත් ඔහු බලයේ සිටි පසුගිය රජය සමයේදී ජනතාව ජීවත්වීමට නොහැකිව සහන ඉල්ලන විට මෙම අහිංසක කියා ගන්නා ප්‍රතිවාදියා වෙඩි උන්ඩ වරුෂා ලබා දී සහන ඉල්ලන ජනතාව ඝාතනය කළා.

රතුපස්වල ජනතාව බීමට පානීය ජලය නොමැතිව පාලකයින්ට දුක කියන විට වෙඩි තබා ජනතාව ඝාතනය කළා. සේවක අර්ථ සාධක අරමුදල අවභාවිතාවට විරුද්ධව කටානේ ජනතාව පාරට බහින විට රොෂාන් චානක ඝාතනය කළ ජනතාවට මතකයි.

මිගමුවේ ධීවර ජනතාව ඉන්ධන සහන ඉල්ලා පාලකයින්ට දුක කියනවිට මෙම අහිංසකපුද්ගලයින් ප්‍රනාන්දු මැතිතුමාව ඝාතනය කළා.

බලයේ සිටියදී මෙම අහිංසක පුද්ගලයින්සිදු කළ මිනිස් ඝාතන, වංචා, දූෂණ පිළිබඳ ජනතාවට තොරතුරැ ඉදිරිපත් කළ ලසන්ත වික්‍රමතුංගඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම් සිදුකළා. අද බැටළුහම පොරවාගත් ව්‍යාජ අහිංසකයෝ සහන ලබා දෙන බවට බොරු පො‍රොන්දු ලබා දී ජනතාව රවට්ටමින් මිනීමරු යුගයක් ආරම්භ කරන්න සූදානමින් සිටිනවා.

මීගමුවේ සිටින ලොකුම කුඩු ජාවාරම්කරු සමග වේදිකාවේ අත උස්සාගෙන සිටින ප්‍රතිවාදී අපේක්ෂකයාට මෙරට කුඩු ජාවාරම විනාශ කරන්න පුළුවන්ද.

හෙළිකොප්ටරයෙන් පැමිණ ලොකුම කුඩු ජාවාරම්කරුවාව සිප වැළදගෙන ඔහුව බේරගන්නවා කියන එකද ඔවුන් ඇති කරන්න යන රටේ ජාතික ආරක්ෂාව.

මෙරට ත්‍රස්තවාදය ක්‍රියාත්මකකරන, කුඩු ජාවාරම් ක්‍රියාත්මක කරන, මිනිස්සු ඝාතනය කරන හැමෝටම එරෙහිව සර්වසාධාරණ, විනිවිද භාවයෙන් යුතුව නීතිය ක්‍රියාත්මක කර මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළයුතු යැයි මගේ අදහස.

මිනිසාට හිංසා කරන්න, මිනිස් ඝාතන සිදු  කරනවට තමන් කිසිසේත්ම අකැමැති වුවත්, රටේ ලක්ෂසංඛ්‍යාත දූ දරුවන් විනාශ කිරීම බලා සිටිය නොහැකි නිසා එය වැළැක්වීම සදහා දැඩි දඬුවම් ලබා දීමට තමන් කටයුතු කරනවා.

රටේ පාසල් දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් සහ තරුණපරපුර, මුළු ජන සමාජයම විනාෂ කරන, කුඩු මුදලාලිලාට සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකළපුද්ගලයින්ට එරෙහිව සර්ව සාධාරණ නීතියක් යටතේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමටවිරුද්ධ ඇත්තෝ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද ? රටේ අනාගතය ගොඩනගන්නේ කොහොමද?

පසුගිර රජය සමයේ පෞද්ගලික හේතුන්, අමනාප කම් මත මිනිස්සු ඝාතනය කළ පුද්ගලයන් අද අහිසංක බව ප්‍රකාශ කරනවා. ප්‍රතිවාදියාග් පාලනයක් යටතේ පාසල් දරු දැරියන්ට ඊසි කෑස් ක්‍රමයටකඩු, මත්ද්‍රව්‍ය හිමිවන අතර තම පාලනය යටතේ දරු දැරියන්ට නොමිලේ දිවා අහාරය, නිලඇදුම් කට්ටල 2 සහ උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහි කරන්න අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙනවා.

ලෝකයේ රටවල් සමග සාකච්චා කර විදේශ ආයෝජන, විදේශීයසහයෝගය ලබා ගෙන මාතෘ භූමිය ගොඩ නැගීමේ ශක්තිය තමන්ට තිබෙනවා.”

Read more

Local News