ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය පෙන්නුම් කරන රට ලංකාව

Share

ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය පෙන්නුම් කරන රට බවට අද වන විට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ ලබන වසර වන විට ණය හා පොළිය ගෙවීමට පවා රටේ ආදායම නොමැති වන බවයි.

එවැනි තත්ත්වයක් තුළ තවත් දීමනා ලබා දිය නොහැකි බවත් ලබන වසර වන විට ණය ගෙවන්න ණය ගන්න සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එක් පුද්ගලයෙක් පන්ලක්ෂ අසු එක් දහස් හාරසිය තිස් නමයක ණය කාරයෙක් වී ඇතැයි පැවසු ඒ මහතා දරුවන් පවා ණයට යට වී ඇතැයි කියා සිටියේය.

එමෙන්ම රටේ ආර්ථික වර්ධන වේගය ඇෆ්ගනිස්ථානයට වඩා පහල ගොස්  ඇතැයි පැවසු මහින්ද අමරවීර මහතා, ආසියාවේ අඩුම ආර්ථික වේගය ඇති රට බවට පත් ව ඇතැයි ද පැවසීය.

මෙයට හේතුව සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය විය හැකි බවත් පැවසු ඒ මහතා, එය කළමනාකරණය කළ යුතු බවත් ආර්ථික සංවර්ධනය වැඩි වෙන කටයුතුවලට නොව සුබසාධනය වෙනුවෙන් මුදල් වෙන් කළ බවත් කියා සිටියේය.

එවැනි තත්ත්වයක් තුළින් රටේ ආර්ථිකයක් ගොඩනඟා ගත නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

Read more

Local News