මව් පොළව ඉල්ල නායකයාද ගෝඨා

Share

වර්තමානයේ දේශපාලනය දෙස තරුණ තරුණියන් බලන්නේ අපුලෙන් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එතරම්ම වර්තමනයේදී දේශපාලනය අයහපත් තත්ත්වයට පත්ව ඇති බවත් දේශපාලඥයෙක් දෙස තරුණ පිරිස බලන්නේ හොරෙකු හො වැරදිකරුවෙකු ලෙස බවද ඒ මහතා පෙන්වා දෙයි.

එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා තරුණ්‍ය නිවැදි පාලකයෙක් ඉල්ලා සිටින බවත් ඒ සඳහා නිවැරදීම නායකයා වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ කඩුවෙල පැවති ජන රැළියකට එක් වෙමින්.

යම් පුද්ගලයෙක් වරදක් කළේ නම් ඔහුගේ තරාතිරම නොබලා පක්ෂ භේදයකින් තොරව එම වරදට දඬුවම් ලබා දීය හැකි එකම නායකයාද ගෝඨාභය රාජපක්ෂ මහතා බව මන්ත්‍රීවරයා පවසයි.

මව් පොළව ඉල්ල නායකයාද ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු ප්‍රකාශ කළේය.

අන්තවාදි පිරිසකගේ සහය අවසන් දින කිහිපයයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ලැනීමට සුදානමින් සිටින බවට ඇතැම් පිරිස බොරු ප්‍රචාරයන් කරමින් සිටින බවත් එවැනි ප්‍රචාර වලට නොවැරටෙන ලෙසටත් මන්ත්‍රීවරයා ජනතාවට දනුම් දෙයි.

කිසිදු අවස්තාවක කිසිදු ප්‍ර යෝජනයක් සඳහා අන්තවාදීන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා නොගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදි ප්‍රකාශ කළේය.

Read more

Local News