ගංවතුර මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

Share

කැලණි හා අත්තනගලු ගංඟා ආශ්‍රිතව පැවති ගංවතුර තත්ත්වයේ මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේ වුවත් දුනමලේ ජල මිනුම් ස්ථානයේ ජලමට්ටම අවධානය යොමු කල යුතු මට්ටසේ පවතින අතර ඒවා ද ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පැය 24 ක් තුළ සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් නොලැබුණු බැවින් එම ගංඟා ජලමට්ටම තව දුරටත් ඉහළ යෑමක් අපේක්ෂා නොකරයි.

අද පස්වරු  3 වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශය විසින් කැලණි හා අත්තනගලු ගංඟා ආශ්‍රිතව ජලමට්ටමින් පහත දැක්වෙයි.

ඒ අනුව හදිසි රාත්‍රී ගංවතුර මෙහෙයුම් කටයුතු අද(23) සවස 4.30 සිට තාවකාලිකව  අත්හිටුවන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News