ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය අවලංගු කරයි

Share

ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත් කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ යහපත සුරක්ෂිත කිරිම සදහා මෙම පියවර ගෙන ඇති බවයි ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කළේ.

ඒ අනුව ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ද ෆිනෑස් ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු වන අතර ආයතනය ප්‍රතිව්‍යහුවගත කිරිම සදහා සැලැස්මක් ඉදිරිපත් කිරිමට ඕනෑම විශ්වාසනීය ආයෝජකයෙකුට හැකියාව පවතින බව සඳහන්.

තැන්පත්කරුවන්ට තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූලව අඛණ්ඩව සිදු කරන අතර ආයතනය වෙතින් ණය පහසුකම් ලබා ඇති සියලුම ආකාරයේ ණය ගැතියන් ආයතන වෙත ගෙවිය යුතු සියලු ගෙවිම් නිසි පරිදි සිදු කළ යුතු බව මහ බැංකුව පවසයි.

ද ෆීනැස් කම්පැනි පීඑල්සී ආයතනයේ පවතින දුර්වල මූල්‍ය කාර්යසාධන මට්ටම සලකා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය පෙබරවාරි මස 15 වන දින සිට නව තැන්පත් භාරගැනිම, තැන්පතු ආපසු ගැනිම, ණය හා අත්තිකාරම් ප්‍රදානය, අත්හිටුවිමට ද පියවර ගනු ලැබුවේය.

Read more

Local News