ගෑස් හිඟයට දින 2කින් විසඳුම් දෙන්න පුළුවන්

Share

මේ දිනවල වෙළඳපලේ පවතින ගෑස් හිඟය ඉදිරි දින දෙක තුල විසදීමට හැකි වන බව ගෑස් සමාගම් පවසයි.

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට ගෘහස්ත ගෑස් හිගයක් පවතින අතර ජාත්‍යතන්තරයේ ගෑස් නිෂ්පාදනය පහලයාම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ගෑස් සමාගම් පෙන්වා දෙන්නේ.

පසුගියදා සෞදි අරාබියාවේ ගෑස් සහ ඉන්ධන නිෂ්පාදන මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර වෙළදපොලේ ගැස් නිෂ්පාදනය සියයට 35කින් පමණ අඩුවී ඇත.

එම නිසා මෙරටට ගෑස් ආනයනයේදී යම් ප්‍රමාදයක් සිදුව ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරිම සදහා මේ වන විටත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ඉදිරි දින කෙත තුළ වෙළදපොලේ පවතින ගෘහස්ත ගෑස් හිගයට විසදුම් ලබාදීමට හැකියාව පවතින බවයි ගැස් සමාගම් පෙන්වා දෙන්නේ.

මේ අතර වෙළදපොල තුළ ගෑස් හිගයක් නිර්මාඛය කිරිමේ අරමුණින් ගෑස් සගවාගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලිම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගෑස් හිගයත් සමග මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි.

මේ අතර කුකුල් මස් සහ බිත්තර ආනයනය නතර කිරිමට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිගයකින් තොරව කුකුල් මස් සහ බිත්තර ලබාදීමට කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකගවිමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කුකුල් මස් කිලෝවක් රුපියල් 450ක මිලකටත් බිත්තරයක් රුපියල් 17ක මිලකටත් ලබාදීමට එම සංගම් එකඟතාව පල කර ඇත.

කුකුල් මස් අලෙවි කරන සමාගම් හිමිකරුවන් සහ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාව පල වූ බවයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

Read more

Local News