පහසුවෙන් ව්‍යාපාර කළ හැකි රටවල් අතරින් ලංකාව එක් ස්ථානයක් ඉදිරියට

Share

පහසුවෙන් ව්‍යාපාර කළ හැකි රටවල් පිළිබඳව ලෝක බැංකුව ගණනය කරන දර්ශකයේදී ශ්‍රි ලංකාව ඉදිරියට පැමිණ තිබේ. 2019 වසරේදී රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාව 99 වැනි ස්ථානයට පත්ව තිබේ. 2018 වසරේදී ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයේ පසුවිය.

දකුණු ආසියාවේ රටවල් අතර මෙම දර්ශකයේ ඉන්දියාව ඉදිරියෙන් පසුවෙන්නේ 68 වැනි ස්ථානයට පත්වෙමිනි.

නේපාලය 94 වැනි ස්ථානයේත්, භූතානය 89 වැනි ස්ථානයේත් පසුවෙයි. ඒ අනුව දකුණු ආසියව තුළ ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට පත්ව තිබේ.

ලෝක බැංකුව විසින් මෙම දර්ශකය ගණනය කරන අතර ඒ සඳහා ව්‍යාපාරයක් ආරම්භ කිරීම, විදුලිය ලබාගැනීම, ව්‍යාපාර ලියාපදිංචිය, ණය ගැනීම, බදු ගෙවීම, ඇතුළු කරුණු 10 පදනම් කර ගනිමින් මෙම ගණනය කරයි.

මෙම දර්ශකය අනුව පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම පහත අයුරිනි.

2010 – 98, 2012 – 83, 2014 – 113, 2016 – 110, 2018 – 100

මේ අතර මෙම දර්ශකයේ අංක එක ස්ථානය නවසීලන්තයට හිමිව තිබේ. අවසාන ස්ථානයට සෝමාලියාවට පත්ව තිබේ.

මුල් ස්ථාන පහ – නවසීලන්තය, සිංගප්පූරු, හොංකොං, ඩෙන්මාර්ක්, කොරියානු ජන රජය (දකුණු කොරියාව),

අවසාන ස්ථාන පහ – ලිබියාව, යෙමනය, වෙනිසියුලාව, එරිත්‍රියාව, සෝමාලියාව

දකුණු ආසියා රටවල් ශ්‍රේණිගත කිරීම – ඉන්දියාව (68), භූතානය (89), නේපාලය (94), ශ්‍රී ලංකාව (99), පාකිස්තානය (108), මාලදිවයින (147),බංග්ලාදේශය (168), ඇෆ්ගනිස්ථානය (173)

Read more

Local News