වෑන් රථයක් ගසක ගැටී කුඩා දැරියක් ඇතුළු 3ක් මරුට

Share

අනුරාධපුර-පුත්තලම මාර්ගයේ හතරේකණුව ප්‍රදේශයේ වෑන් රථයක් ගස ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(24) දහවල් 12.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 03 හැවිරිදි දියණියක්, එම දියණිගේ මව සහ වෑන් රථයේ රියදුරු බව වාර්තා වෙයි.

මෙම අනතුර සිදුවන අවස්තාවේදී වෑන් රථයේ 11 දෙනෙකු පමණ ගමන් කර සිට ඇති අතර ඉන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 09 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත

රෝහල් ගත කර09 දෙනාගෙන් 06 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

මඩු වන්දනාවේ ගිය පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවට පොලීසිය සැකකරයි.

Read more

Local News