ලංකා ඉතිහාසයේ නොවු දෙයක් රාජිත කියයි

Share

වත්මන් රජය මෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කළ රජයක් ඉතිහාසයේ නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාල්ල අක්මීමන පෝද්දල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“එක්ව ඉදිරියට”යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජන රැළියක් ඊයේ පස්වරුවේ ගාල්ල අක්මීමන පොද්දල මහජන ක්‍රීඩංගණයේ දී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“රාජ්‍ය සේවයේ මූලික පඩිය 22000 තිබුණ පඩිය අපි 46000ට වැඩි කළා.

අද එයාලගේ ගෙදර දරුවෝ කන්නේ මේ සල්ලිවලින් නේද? නෝනලා හොඳට අදින්නේ මේ සල්ලිවලින් නේද? පොඩි ඇල්ටෝ කාර් එක ගත්තේ මේ සල්ලිවලින් නේද?

ලංකා ඉතිහාසයේ නෑ මෙහෙම වැඩි වීමක්.

පහුගිය කාලේ ගුරුවරු වැඩ වර්ජන, දුම්රිය නිලධාරීන්, විධායක නිලධාරීන් වැඩ වර්ජන..

මම ඇහුවා එයාලගෙන් මේ වගේ පඩි වැඩි වීමක් කරලා තියෙනවාද කියලා.

එච්චර පඩි වැඩි කළෙ නෑ කියලා එයාලා කියනවා.”

Read more

Local News