ලොරි රථයක් දුම්රියක ගැටී අයෙක් රෝහලට

Share

කැළණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස්මාර්ගය හරහා ගමන් කල කුඩා ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ(24) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පවසයි.

මෙම අනතුරින් තුවාල ලැබු ලොරි රථයේ රියදුරු හෝමාගම මූලික රෝහල ඇතුළත් කර ඇති බව මීගොඩ පොලීසිය සඳහන් කළේය.

Read more

Local News