O/L සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා

Share

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ලබන 8 වන දා දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවය.

ඒ සඳහා පරීක්ෂණ මණ්ඩල 1295ක් පත් කර ඇති බව ඔහු පැවසුවේය

ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංග කලාව යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Read more

Local News