රට ගහල කණ්ඩායමෙන් මුදා ගැනීමට අතපෙවිය යුතුයි

Share

කිසිදු බලපෑමකට යට නොවී මවුබිමට අවන්කවම ආදරය දක්වන්නේ ජාතික ජන බලවේගයේ පිරිස පමණක්ම බව ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ කොළඹ විහාරමහාදේවී එලිමහන් රංග පීඨයේදී ඊයේ(27) පස්වරුවේ ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර මහතා පවසා සිටියේ, අද අපේ රටේ මාතෘ භූමිය ඇත්තේ කොතැනක ද යන්නයි.

තමා දන්නා බොහෝ අය මේ මොහොතේ දේශප්‍රේමීත්වය ගැන නන්දොඩවමින් සිටින බවත් කියා සිටි අනුර කුමාර මහතා, එය කයිරාටික වදනක් බවත් එවැනි වදන් කන් පුරවන තරම් ඇසෙමින් පවතින බවත් පැවසීය.

තමා භක්තිවන්තව හා ළෙන්ගතු ලෙස මෙම මාතෘ භූමියටත් රටේ ජනතාවටත් ආදරේ බව පැවසු අනුර කුමාර මහතා,  කිසිදු වරප්‍රසාදයක් හමුවේ, බිය වැද්දීමක් හමුවේ පළා යන හෝ අත්හරින ආදරයක් නොවන බවත් කියා සිටියේය.

එය ඕනෑම අවස්ථාවක ජීවිතය ඉදිරියට තබමින් ආරක්ෂා කරන ආදරයක් බවත් පැවසු ඒ මහතා, සියලු දෙනා තුළ විශාල ව්‍යායාමයක් ඒ වෙනුවෙන් නිර්මාණය කළ යුතු බව පැවසීය.

ඒ තුළින් පෙරට ආ යුතු බවද කියා සිටි අනුර කුමාර මහතා, ඒ අන් කවර හේතුවක් නිසා නොව මේ රට ගහල කණ්ඩායමෙන් මුදා ගැනීමට අතපෙවිය යුතු නිසා යැයිද කියා සිටියේය.

Read more

Local News