අනුර සිය පාලනය යටතේ කරන දෙයක් මෙන්න

Share

තම පාලනයක් යටතේ මෙරට තානාපති සේවාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාතලේ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළේය.

මෙරට තිබෙන වෙනත් රට වල තනාපති කර්යාල මගින් මෙරට දේශපාලනයට ඇගිලි ගැසුවද විදේශිය රටවල පිහිටා ඇති ශ්‍රී ලංකාවේ තනාපති කර්යාල වලට කිසිදු බලපෑමක් සිදු කල නොහැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම නිසා සෑම රටකම පිහිටා ඇති ශ්‍රී ලංකාවේ තනාපති කර්යාල ශක්තිමක් කිරිමේ වැඩ පිලිවේලක් සකස්කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ හරහා නව ආර්ථික ක්‍රියාදාමයක් ඇති කරන බවත් සුළු සහ මධ්‍යම ව්‍යවසායකයන්ට ගැලපෙන පරිදි ආර්ථිකය සංවර්ධනය කරන බවද ඔහු පෙන්වා දෙයි.

Read more

Local News