ජනපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට

Share

ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින්, පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, උදෑසන 10.30 ට එම හමුව පැවැත්වෙන බවයි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර පසුගිය 08 වන දා සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ සම්බන්ධ පැමිණිලි 1923 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසීය.

Read more

Local News