හෙරොයින් ජාවාරම් කළ කතකට වැඩ වරදී

Share

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.33 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 36 හැවිරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම නියම කරනු ලැබීය.l

2012 වසරේ ඔක්තෝම්බර් මස පළවන දා රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි විත්තිකාරියගේ නිවස ඉදිරිපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීමකදී ඈයගේ අත් බෑගය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 6.33ක් සහ රුපියල් එක්ලක්ෂ අසූ දහසක් මුදල් ද අත්අඩංගුට ගෙන තිබුණි.

ඉන් පසුව ඇයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විත්තිකාරිය එරෙහිව එල්ල කර තිබූ මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාත වී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියා.

Read more

Local News