හදීසියේම කාන්තාවන්ට කරදරයක් වුනොත් මොකද කරන්නේ

Share

කාන්තාවන්ට කිසියම් කරදරයකට මුහුණ පාන ඕනෑම අවස්ථාවක තම ජංගම දුරකථනයෙන් ළඟම  ඇති පොලිස් ස්ථානයට ඒ ගැන තොරතුරු දන්වා යැවිය හැකි දුරකථන ක්‍රමවේදයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා අදහස් දැක්වීය.

ඒ ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

කාන්තා කටයුතු අමාත්‍යාංශයේ 1938 යනුවෙන් දුරකථන අංකයක් ඇති බවත් ඒ ගැන තමා සොයා බැලු බවත් මොහු මෙහිදී පැවසීය.

මාධ්‍ය හමුවේදී මෙම අංකයට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් ඇමතිවරයා මේ පිළිබඳව තහවුරු කර සිටියේය.

එහිදී දෙවතාවක් අදාළ දුරකථන අංකයට අමතමින් පුද්ගලයෙකු සම්බන්ධ කර ගනු ලැබීය.

කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේ ඔහුට පුද්ගලයෙක් සම්බන්ධ කර ගැනීමට තත්ත්පර 70 කට අධික කාලයක් ගත වු බවත් කාන්තාවකට කරදරයක් සිදුවන විට එය ප්‍රායෝගිකව සිදු කළ හැකිද  යන්නයි.

කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ එම නව දුරකථන අංකයේ අඩුපාඩු ඇති බවත් ඒවා අනාගතයේ දී සකස් කර ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

Read more

Local News