දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙයි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බවත් අද සහ හෙට දිනයන්හිදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි තත්ත්වය වැඩි වන බවයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සෙසු පළාත්වල සවස 2.00 පසු තැනින්තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

උතුරු සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් (මි.මි.75ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇති වියහැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුලැබේ.

Read more

Local News