හකීම් යළි අන්තවාදය ව්‍යාප්ත කරනවාද ?

Share

අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් කරුණු දෙකක් හරහා රටේ අධ්‍යාපනය විනාශ කරමින් සිටින බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසයි.

අන්තවාදී විරොධී ජාතික එකමුතුව ලෙස අද(30) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

පළමු කරුණ වන්නේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් අන්තවාදයට අවශ්‍ය උඩගෙඩි ලබා දෙමින් අන්තවාදී  අධ්‍යාපනයක් මෙරටට ගෙනත් දමමින් නැවත සහාරන්ලා බිහි කිරීමේ ක්‍රියාකලාපයක් අධ්‍යාපනය තුළින් ඇති කරන බව ආනන්ද සාගර හිමි පෙන්වා දුන්නේය.

දෙවන කරුණ ලෙස උන්වහන්සේ පවසා සිටියේ, අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මෙරට අධ්‍යාපනයට විදෙස් රටවලින් හිමිවිය යුතු මුදල අහිමි කරමින් සිටින බවයි.

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මෙහිදී පවසා සිටියේ, මෙරට අධ්‍යාපනයට මේ වන විට කන කොකා හඬමින් සිටින බවයි.

මේ අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් රට තුළ අන්තවාදයක් යළි ව්‍යාප්ත කරමින් සිටින බව ද පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් පැවසීය.

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩි දුරටත් මෙසේ කියා සිටියේය.

“මෙරට වෛද්‍ය පීඨයන්වල අනුමැතිය කරගන්න අවස්ථාවකදී. ඩොලර් 2000ක් මෙරට වෛද්‍ය සභාවට හිමිවිය යුතුව තියෙනවා.

විශේෂයෙන් ඩොලර් 4000සක මුදලක් වෛද්‍ය සභාවට හිමිවිය යුතුව තිබුණද, මේ වන විටි රවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම් වරයාට දැනුම් දීලා තියෙනවා, ඒ මුදල ලංකා රජය විසින් වෛද්‍ය සභාවට ගෙන්න කියලා.

එතකොට ඩොලර් 4000ක මුදල් මෙවැනි අවාසනාවන්ත විදිහට, රට ඇතුළට හිමිවිය යුතු මුදල, පාකිස්තාන රජය විසින් ලංකාවට හිමිවිය යුතු මුදල‍්, කිනම් හෝ පාකිස්තානයේ යම් පිරිසක් එක්ක කරන ගණුදෙනුවක් හරහා, ඒ ඩොලර් 4000 මුදල  ලංකා රජය විසින් වෛද්‍ය සභාවට ගෙවන්න කියලා ලිපියක් නිකුත් කරලා තියෙනවා.“

මෙයට අදාළ ලිපිය සහ ඊට අදාළ ලිපිලේඛන අද දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත බාර දෙන්නට යෙදුනු බව පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේය.

Read more

Local News