තැපැල් ඡන්ද විමසීම අද සිට

Share

2019 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද (31) ආරම්භ වෙයි.

ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරිම අද සහ හෙට(01) යන දෙදින තුල සිදු කිරිමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරිම ලබන 04 වනදා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

අදාල දිනයන්හි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතියි.

ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ඡන්දදායකයින් හය ලක්ෂ 59, 030 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

Read more

Local News