අමෙරිකාවේ වොෂිංටන්හි අධිවේගී දුම්රිය අනතුරක්

Share

අමෙරිකාවේ වොෂිංටන්හි සිදුවූ අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස අනතුරට ලක්වුයේ සියැටල් සිට පෝට්ලන්ඩ් දක්වා ගමන් කළ දුම්රියකි. අනතුරෙන් 77 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දුම්රිය පීලි පැනීමත් සමග එහි මැදිරි දුම්රිය මාර්ගයට පහතින් පිහිටි අධිවේගී මාර්ගය මතට කඩා වැටී ඇත.
අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථ ගණනාවක් දුම්රිය මැදිරිවලට යටව ඇති බව බලධාරීහු පවසති.

දුම්රිය අනතුරට පත් වීමට පෙර පැයට කිලෝමීටර 130 පමණ වේගයෙන් ධාවනය වී ඇත.

Read more

Local News