ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අයත් පක්ෂ 17 මෙන්න

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව අද (31) නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබුවේය.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි සෑම මැතිවරණයකටම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස නම්කර ඇති මෙම නව සන්ධානය යටතේ තරඟ කරන බවයි.

මෙහිදි සන්ධානගතව පක්ෂ නායකයින් ගිවිසුමට අස්සන් තැබු අතර පසුව එය පක්ෂ ලේකම්වරුන් වෙත ලබා දුන්නේය.

අනතුරුව පක්ෂ නායකයින් ඇතුළු සියලුදෙනා එළඹෙන මැතිවරණය වෙනුවෙන් ප්‍රතිඥාවක්ද ලබාදීමද සිදුකෙරුණි.

පක්ෂ 17ක් වුවද සියල්ලන්ම එක් පොදු අරමුණක් වෙනුවෙන් එක්වී සිටින බවත් එනම් “මව්බිමට ආදරය කරන” පක්ෂ මෙසේ සන්ධානගතව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අයත් පක්ෂ 17 පහතින් දැක්වෙයි.

-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

-මහජන එක්සත් පෙරමුණ

-ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය

-ලංකා සමසමාජ පක්ෂය

-ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

-ජාතික නිදහස් පෙරමුණ

-පිවිතුරු හෙළ උරුමය

-ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ( EPDP)

-ලංකා කම්කරු කොංග්‍රසය

-විජයධරණී ජාතික සභාව

-ජාතික කොංග්‍රසය

-ශ්‍රී ලංකා මහජන පක්ෂය

-දේශ විමුක්ති ජනතා පක්ෂය

-තමිල මහජන විමුක්ති සන්ධානය (TMVP)

-එක්සත් මහජන පක්ෂය

-මුත්පොකුත් තමිල් කච්චි (MTK))

Read more

Local News